À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාසයවැනි කොටහා

A+ A-

” ලිය කියවිලි ඔක්කොම ටික ගත්තා නේද ආ… මොකුත්ම අමතක වුන්නෑ නෙ නේද ”

බේබී ඊයේ රෑ ඉදන් තමයි කැම්පස් එකට ඕනී අනම් මනම් ටික හරි ගස්සන්නේ. අරක ගන්න මේ ටික ආයේ බලන්න කඩදහි ටික ඔක්කොම ගත්තද වගේ දේවල් කියවන පොඩි බේබී මට වඩා කලබලයි අද. ඊයේ හවස හම්බුනු ලිව්මේ ලියල එවලා තිබ්බේ හැම සිසුවෙක්ම උදේ නමය වෙද්දී කැම්පස් එකට එන්න කියලා.

අත් දිග සුදු කමිසේ කළු කලිසමට යට කරලා කොන්ඩේ ඇද රොදේ හිටින්න පොල් තෙල් ගාලා හොදට පිරුවා.

” ඔක්කොම ටික හරි හාමු. බයයි සැකයි වගේ නම් ඔය ඇද උඩ තියෙන මල්ල බලන්නකෝ “

මන් එහෙම කිව්ව පමාවට කන්නාඩිය ඉස්සරහ ලෑස්ති වෙවී හිටපු මයෙ දිහා බලන් හිටිය බේබී ඇදෙන් ඉද ගෙන ආයේ ආයේ මල්ල බලන්න ගත්තා.

” කෝ කෑම එක “

” ඇයි කෑම. ඉක්මනට එනවා නෙ “

” කෝකටත් කෑම එකක් දා ගමු. අනික මන් කිව්ව අද කමනි නැන්දට අර ඔයා කන්න කැමති එක හදන්න කියලා බත් එකක් ගෙනියන්නත් එක්කලම “

එහෙම කියද්දී කොහොමැයි මන් බත් එකක් නොගෙන ඉන්නේ. මන් ආසම කමනි නැන්දගේ කළුවට උයාපු ගම් කුකුළු මස් වෑන්ජනේ කන්න නේ ඉතින් .

ඉතින් අද මාත් එක්ක ඉස්ස ඉස්සල්ලාම හා හා පුරා කියලා යන්න එන්නේ මයෙ බේබී හාමු. ලා නිල් පාට අත් දිග කමිසේ්යි කළු කලිසමයි ඇදලා ඉන්න මයෙ හාමු මහත්තයා අද වෙනදට වඩා පෙනුමයි. අවුරුදු තිහක වගේ පෙනුමක් තියෙන්නේ.

අඩි දෙක තුනක්ම ඉස්සරහට ගිය මන් බේබී හාමුගේ හුස්මක් දුරින් නැවතිලා මයෙ දිහාම බලන් හිටිය එයාගේ ඒ දිලිහෙන ඇස් මට මොන මොනවදෝ කියන පමාවට මයෙ එක අතක් ඒ බද වටේ එතුනේ මයෙ අනිත් අතින් එයාගේ කම්මුලකුත් ස්පර්ශ කරද්දී.

” ම් ම යෙ නිලූ à·‚ ”

මයෙ බෙල්ලේ එල්ලුනු එයා මයෙ නිලූෂ කියලා මුමුණ මුමුණ මයෙ මූණටම පාත් වුනේ මයෙ තොල් උණුහුම් කරමින්.

දඩස්…

අයියෝ අනෙ ඔව්වා ආවට පස්සේ කරන්න බැරියෑ නිවාඩු පාඩුවේ. මන් ලෑස්ති වෙලා කීයේ ඉදලද බලන් ඉන්නේ අප්පා. ඔයා දෙන්න මෙතැන පෙම් සුව විදිනවා. ”

අපි දෙන්නා ගැස්සිලා ඉස්සරහ බලද්දී දොරත් ඇරන් ඇතුළට ආපු දෙව්මි කිසිම ගානක් නැතුව ඔහේ කියවනවා .

බේබිත් හරි කලබලෙන් මයෙ උරහිස් වටා එතුනු ඒ අත් ගත්තේ මාත් එයාගේ ඉන වටා ඔතන් හිටපු අත් දෙක අයින් කරද්දී.

” ඇත්තටම බබා ඔයා ගෑන් ළමයෙක් නේද ආ. ඔහොම කඩාගෙන බිදගෙන කොල්ලෙක්ගේ කාමරේකට එන්න ලැජ්ජාවක් නැ… ”

” ඒ මොකටද චූටි බාප්පි මන් ලැජ්ජා වෙන්නේ ආ.. ඔයා මාර කතානෙ අයියෝ කියන්නේ “

” දැන් බබා ඔයා කියන්න එපා ඔයා ඔය ඉන්නේ අපි එක්කලා යන්න කියලා “

පොඩි බේබී එහෙම කිව්වා විතරයි දොර ළග හිටපු දෙව්මි හාමු ළග හිටපු මාවත් තල්ලු කරන් බේබිගේ උර හිස් වල එල්ලිලා ඇසුත් ලොකු කරන් කදුළුත් පුරවා ගත්තා.

” අනේ චූටි තාත්ති මාත් එනවා ඔයාලා දෙන්නත් එක්කලා අප්පා. මටත් අද ‍ කැම්පස් එකට එන්න ඕනී නේ . ඇත්තමයි ඔය දෙන්නාගේ මේ ආදරේ ගැන මන් කාටවත් කියන්නෑ. චූටි තාත්ති ඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ……………. ”

එහෙම කිව්ව දෙව්මි දිහා බේබී හාමු බලන් හිටියේ මේ මොන කෝලමක්ද වගේ බැල්මකින්.

” එයාවත් ගෙනියමු බේ බි “

” ඒකනේ චූටි තාත්ති ඔයාගේ මෙයත් කැමති මාව ගෙනියන්න. “

මයෙ දිහා බලපු දෙව්මි පොඩි එකෙක් වගේ උඩත් පැන පැන ආයේ බේබිගේ කරේ ලැග්ගා.

” ම් පහළින් ඉන්න “

” හරි අනේ. මේ ආං නුරාදත් එක්කරගෙන අපේ එකා ගියා එයාගේ යාළුවෙක් ගේ ගෙදර. මන් කව්ද කියලා ඇහුවට එයා මට ඒ ගැන කිව්වේ නෑ චූටි තාත්ති. ඔයාම හවසට එයාව අල්ල ගන්න කෝ “

එහෙම කියාගෙන දෙව්මි දොරත් වහන් යන්න ගියේ මන් ඇද යට දාලා තිබ්බ මයෙ සපත්තු පෙට්ටියත් අතේ එල්ල ගනිද්දී.

” අපි ත් යමු එහෙනම් බේබී හාමු “

” ඔව් යමු. මන් ගුණේ මාමාට කියලා එනකම් ඔයා කමනි නැන්දගෙන් බත් මුල ඉල්ල ගන්න “

බේබී ගුණේ මාමාට කතා කරන්න යද්දි මන් ගියේ කමනි නැන්දට කලින් ලොකු හාමුට කතා කරන්න.

මන් එලියට යද්දී ලොකු හාමු ඉන්නවා ලොකු හාන්සි ලී පුටුවේ පත්තරයක් කියව කියව.

” ලොකු හාමු “

“ම් ඇද පැළද ගෙන අහවරද කොල්ලෝ “

පත්තරේ පැත්තකින් තිබ්බ ලොකු හාමු මයෙ දිහාට බැල්මක් දාලා එහෙම ඇහැව්වේ ඉස්සරහ තිබ්බ හුළගට පැද්දෙන ඔන්චිල්ලාව දිහාට ඇස් යොමු කරන්.

” එහෙමයි ලොකු හාමු. අපි මේ යන්න කියලා “

” ඕකට ගිහිල්ල හොදට ඉගෙන ගත්තට නම් කාරී නෑ. හැබැයි කොල්ලෝ අනිත් උන් කරන කරන හැම මගෝඩියකටම හවුල් එහෙම වෙනවා නෙවෙයි. උබ මේ වීරන්කෙඩුව වලව්වේ තේ වත්තේ වැඩ කරන එකෙක් වුනත් උබත් මේ වලව්වේ ඈයෙක් තමයි. එහෙව් ඒකෙ වලව්වේ නම කැත කරන වැඩ නෙවෙයි ඕන් කරන්නේ හොදද. හොදට ඉගෙන ගෙන ආණ්ඩුවේ හොද රස්සාවක් කරහන්. මන් තේ වත්තේ වැඩට තව කොල්ලෙක් අඩ ගහ ගන්නම්. උබට පුළු පුළුවන් වෙලාවට වෙලාවක් තියෙයි නම් විතරක් තේ වත්තට ගිහිල්ල වරෙන්. එහෙනම් දැන් ගොහිල්ලා එන්ට කොල්ලෝ “

මන් ලොකු හාමුටත් දණගහලා වැදලා කමනි නැන්දටත් වැදලා බත් එකත් අරන් එද්දී බේබී දොරකඩට වෙලා ඉන්නවා.

මායි බේබීයි පිටි පස්සේ යද්දි දෙව්මි ගුණේ මාමා එක්කලා ඉස්සරහින් ඉදන් ගියා. විනාඩි පහළවකට විතර පස්සේ අපි නැවතුනේ කැම්පස් එක ඉස්සරහින්.
ගොඩක් අයගේ දෙමව්පියෝ ඇවිත් ඉද්දැද්දී මයෙ ළග හිටියේ බේබීයි බේබීගේ අතින්ම අල්ලන් ඉන්න එයාගේ දෙව්මි බබයි.

ශාලාව පිරෙන්න කට්ටිය ඉද්දී පැය දෙකකටත් කිට්ටු වෙන්න වේදිකාවේ උඩ ඉදන් මිස් කෙනෙකුයි සර් කෙනෙකුයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන කියවනවා. ඊට පස්සේ අපේ උපාධි ගැන කතා කරලා ඒ ඒ විෂයන් ගැනත් කතා කරා.

” බ් බේබී හාමු “

” ම් “

” මට නිදි මතයි නේ හලෝ “

මන් එහෙම කියලා මයෙ පැත්තේ තිබ්බ බේබිගේ අත අල්ල ගත්තේ එයත් මයෙ පැත්ත බලද්දී. දෙව්මි බේබිගේ එහා පැත්තේ ඉදන් එයා කන්න දා ගත්තු කජු ටිකක් කකා වටපිට බල බලා ඉන්නවා.

” පිස්සු කතා කරන්න එපා ඒයී . මේ කියන දේවල් හොදට අහ ගන්න නිදි කිර කිර ඉන්නැතුව. “

මයෙ අතත් මිරිකලා එහෙම කිව්ව බේබී ආයේ ඉස්සරහ බලා ගත්තා. මගේම වෙලාවටද කොහෙදෝ අපිට පැයක විවේක කාලයක් දුන්නේ කට්ටියත් ඉදන් ඉන්න තැන් වලින් නැගිටිද්දී.

” චූටි තාත්ති යමුකෝ බත් කන්න. මට බඩගිනි “

” මේ වෙනකම් කඩචෝරු ගිල ගිල නේද හිටියේ ආ… ඔන්න අපි එහෙම කිව්ව නම් තව කමකුත් නෑ… නේද නිලූෂ “

ශාලාවෙන් එළියට එද්දී දෙව්මි කුණු කුණු ගෑවේ බත් කන්න ඕනී කියලා.

” ඒකනේ බේබී ”

මන් එහෙම කියලා දෙව්මි දිහා බලනකොට එයා කරේ මටත් ගස්සලා අහක බලා ගත්ත එක. අපි ටිකක් දුර ගිහිල්ලා නැවතුනේ බිමට රෙද්දක් අතුරලා වගේ තණගොල්ලක් තියෙන ලොකු ගස් ටිකක් තියෙන හෙවණ තැනක. ගෙදරින් ගෙනාපු බත් මුල් දිග ඇරන් කන සමහර අයත් මෙතැන ඉදගෙන ඉද්දී අපි තුන් දෙනත් පැත්තකට ගිහිල්ලා බිම වාඩි වුනේ ඇගට පුදුම සනීපයක් දැනෙනකොට. එළියෙන් පේනවට වඩා ඇතුළට ආපුහම තමයි කැම්පස් එක ඇතුළේ තියෙන ලස්සන හොදටම පේන්නේ. ගස් කොළන් විමානයක් එක්කලා තැනින් තැන උසට හදලා තියෙන සුවිසල් ගොඩනැගිලි.

කෙසෙල් කොළේ දිග අරගෙන අපි තුන් දෙනා කන්න පටන් ගත්තේ එතැනින්ම අතත් හෝදන්. රතු පාටට උම්බලකඩ දාලා හදපු පොළොසුයි, කළුවට උයාපු ගම් කුකුළු මසුයි, තෙලේ දාපු කෙසෙල්මුවයි මලවපු තව්සි මැල්ලුමයි.

” අයියට නම් අක්කලාගෙන් නම් බේරෙන්න බැරි වෙයි “

මන් බැලුවේ දෙව්මි දිහා වෙනුවට හාමු දිහා. දෙව්මිත් තියාගෙන එයාගේ චූටි තාත්තිව අවුස්සනවා.

” ඒ මොකෝ ඒ “

” රවන්න එපා චූටි තාත්ති. නෑ ඉතින් මේ අයියගේ අමුතුම පෙනුමක් නේ තියෙන්නේ. මුලදී දකිද්දී නම් මෙයා ටිකක් අපේ අම්මිගේ පෙනුමට තමයි දැක්කේ ඉතින්. ටිකක් ලන්සි පෙනුමයිනේ. හැබැයි ඇස් නම් වෙනස් “

මන් හිතුවේ මයෙ හාමු මහත්තයට තරහ යයි කියලා වුණත් එයා හිටියේ ලොකු කල්පනාවක.

” බේබිගේ අම්මා කොයි වගේද “

පොලොස් කෑල්ලක් කටේ දා ගත්ත මන් එහෙම ඇහුවේ පාඩුවේ බත් ගිල ගිල ඉන්න හාමු දිහාටත් බැල්මක් දාලා.

” අපේ අම්මි තනිකරම සුද්දියක් වගේ අයියේ. අපේ අම්මිගේ අම්මි කැනඩාවේ කෙනෙක්. සීයා විතරයි ලංකාවේ. අපෙ අම්මිත් අපෙ ආච්චි වගේ. කොන්ඩේ තඹයි හරියට අයියගේ කොන්ඩේ වගේ. හැබැයි අම්මි අප්පච්චි වගේ නෙවෙයි හරි නපුරුයි අප්පා . අයියගේයි මගෙයි දෙන්නගෙම පෙනුම නම් ඉතින් අපේ අප්පච්චි වගේ තමයි. ”

ඒක තමයි එහෙනම් බේබී එයාගේ අප්පච්චි ළග ඉන්නේ. ගොඩක් නපුරු කෙනෙක් වගේ මෙයාලයේ අම්මා.

” න් නිලූ à·‚ “

” ඇයි මේ සැරයිද ආ “

” අර à·€ තුර එක “

කකා හිටපු බේබී මට කතා කරත් හරි මන් දැක්කේ එයාගේ ඇස් රතු වෙලා කියලා. කෝච්චියක් වත් කැවෙන්න ඇති. මන් වතුර එක දුන්නට පස්සේ එයා බීගෙන බීගෙන ගියේ නියගයකට අහු වෙලා ඉදලා වගේ.

කෑම කාපු අපි ආපහු ශාලාවට ඇවිල්ලා පුටුවලින් වාඩි වුනේ අනිත් අයත් ඇතුළට ඇවිල්ලා වාඩි වෙද්දී.
ඉතින් ආයේ ආයේමත් දේශනය පටන් අරන් ටික වෙලාවක් යනකොට මන් පුටුවේ ඉදගෙනම නිදි කිරන්න ගත්තේ මයෙ හාමු එහෙන් මට හොද හැටියට කුටු කුටු ගගා බනිනකොට.

” මයෙ මහත්තයෝ ඉක්මනින් එන්න කෝ. ”

මන් කලිසම ගලවලා සරම ඇද ගද්දිම වගේ කාමරේට ආවේ බේබී හාමු.
ඇයි මේ……… එයාගේ ඇස් වල කදුළු බේරෙනවා.

ඉතින් එයාගේ ඒ කලබලේ අස්සේ මන් එයාව ළගට අරන් තද කරගෙන බදා ගත්තේ එයා මයෙ බෙල්ලේ අස්සට වෙලා ඉකි ගහද්දි.

” ඇයි මයෙ රත්තරන් අඩන්නේ ආ…
මොකක්ද වුනේ ”

” අ අපේ අ ප් ප ච්චි දැන ගෙන. සේරම දැ න ගෙන. අපි අපි තුන් දෙනා මේ වලව්වෙන් ය මු. ඔව් දැන්ම ය මු… “

මයෙ ඔලුවට හෙන ගෙඩි වැදුනා වගේ. එහෙන් බේබී හාමු බය වෙලා අඩනවා.
දැන් කොහොමත් කරන්න තියෙන්නේ මේ වලව්වෙන් පැනලා යන්න තමයි. නැත්තම් ලොකු හාමු අපිව අඩි හයක් ගැඹුරට වල දායි කට්ටියත් එක්කලාම .

” ශ් මැණික… හරි අපි යමු කෝ පැටියා… පැටියව ගන්න ඉක්මනින් “

” ප් පැ ටි යා ඔව් පැටියා ගේන්නම් මන්. අපි තුන් දෙනාම ය මු “

බේබී කාමරෙන් එළියට යද්දි එක පාරටම මට ඇහුනේ විලාප සද්දයක්. ඒක පොඩි ළමයෙක් ගේ. නෑ ඒක නම් වෙන්න එපා කීයටවත්.

මන් එළියට යද්දි මන් දැක්කේ මයෙ නුරාද බිම වැටිලා ඉන්න කවුරු හරි කෙනෙක් බදා ගෙන කෑ ගහනවා.

මන් බයෙන් බයෙන් වගේ ළගට ගිහිල්ල ඒ මනුස්සයාගේ මූණ දැක්ක ත් හරි මන් එහෙන්ම සිහිය නැති වෙලා බිම වැටුනේ අවට මුළු මනින්ම කරුවල වෙද්දී. මයෙ ආදරණීය බේබී හාමු ලේ වලින්ම පෙගිලා ගිහිල්ලා තිබ්බා. ඒත් එක්කම මයෙ කකුල් දෙකත් හිරි වැටිලා ගියේ අවට පොඩි කසු කුසුවකුත් ඇහෙද්දී.

” අ ප් ප ත් ති මාව දාලා ය න් න එපා “

පොඩි ළමයෙක්ගේ ඒ විලාප කටහඩ මයෙ ඔලුවේ රැව් දුන්නත් මට‍ ඇස් ඇර ගන්නවත් බැරි වුනේ චූටි අත් දෙකක් ඇවිල්ලා මයෙ ඒ ඇස් වහා ගනිද්දී.

” මයෙ නුරාද උබ කොහොම හරි බේරියන් මයෙ පුතේ “

” නැගිටින්න නිලූෂ…. නිලූෂ… නිලූෂ.. “

.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

දේශනේ ඉවර වෙලා මන් නිලූෂ දිහා බලද්දී එයා හොදට ඉස්සරහ පුටු ඇන්දට ඔලුව තියන් නිදි . මන් එයාව නැගිට්ටවන්න හදද්දී එයා නින්දෙන්මද කොහෙදෝ ලාවට ලාවට ගැස්සෙනවා.

” නැගිටින්න නිලූෂ….. නිලූෂ… නිලූෂ… ”

කතා කරලා බැරිම තැන මන් ඒ උරහිසෙන් හොල්ලපු පාර ගැස්සිලා නැගිට්ට එයා බය වෙච්ච මූනෙන් වට පිට බලලා මයෙ දිහාවට ඒ ඇස් වැටුනු ගමන් මයෙ නම් කිය කියා ඒ තොල් පෙති හෙලවෙන්න ගත්තා.

” යමු නිලූෂ “

” අයියා හීනෙන් බය වෙලා චූටි තාත්ති ”

දෙව්මි එයා දිහා බලලා එහෙම කියද්දී එයාගේ ඒ සීතල වෙච්ච අතක් මන් අල්ල ගෙන ඉදන් ඉන්න තැනින් නැගිට්ටේ එයත් ඒත් එකක්ම වගේ නැගිටිද්දී.

” මන් බය වුනා බේ බි සෑහෙන්න “

මයෙ අත තද කරගෙනම එයා බිම බලන් කියද්දී මම අපි දෙන්නට ඉස්සරහින් යන දෙව්මි දිහා බැලුවා.

” හීන කියන්නේ හීන වලට විතරයි මයෙ නිලූෂ. ඒවා ඇත්ත නෙවෙයි “

එයා දිහා බලන් මන් එහෙම කිව්වත් ඒ ඇස් වල තිබ්බ බය අඩු වුන්නෑ වගේම එයාගේ ඒ අතේ තිබ්බ සීතල ගතියත් අඩු වෙලා තිබ්බේත් නෑ.

වලව්වට ආපු ගමන් නිලූෂ ඔන්චිල්ලාවේ වාඩි වෙලා හිටපු දෙනුවන් ළගට ගිහිල්ල මොන මොනාදෝ ඇහුවත් මන් කෙලින්ම ගියේ කාමරේට.

හොද හැටියට නා ගත්ත මන් ඔලුවත් පිහ දදා කුස්සියේ පැත්තට ආවේ උණු වතුර එකක් බොන්න.

” නා “

” මේ කැරකෙන්නේ හොදට “

” අ ඕ “

” ඔය කරන්නේ රන් කොටේ ම් “

ඒත් එක්කම වගේ මන් දැක්කේ කුස්සියේ පිල උඩ ඉදගෙන තාමත් ඇදන් හිටිය ඇදුම් වලින්ම ඉන්න නිලූෂ පැටියා එක්කලා සෙල්ලම් කුරුල්ලෙක් හද හද ඉන්නවා.

” ගිහිල්ල ඇග හෝද ගන්න නිලූෂ “

මන් එහෙම කියද්දී තමයි නුරාදයි නිලූෂ යි දෙන්නම මයෙ පැත්ත බැලුවේ. පැටියා ගොක් කොළ කුරුල්ලෙක් අරන් මයෙ ළගට දුවන් ඇවිල්ලා ඒක කරක කරක පෙන්නුවේ අනිත් අතින් කුස්සියේ දොරකඩ ඉන්න නිලූෂ ත් පෙන්නලා.

” පැටියට ඕක හදලා දුන්නු නිසා වෙලා ගියානේ ටිකක්. මාත් නා ගෙනම එන්නම් ”

” ම් නාලා මයෙ කාමරේට එන්න. “

” එන්නම් ”

එහෙම කියලා නිලූෂ මයෙ අතේ හිටිය නුරාදටත් සිපුමක් තියෙලා යන්න ගියේ මටත් හරි ලස්සන ලා හිනාවක් දීලා.

” ඒ මොකක්ද ඒ ඒකා කරාපු වැඩේ පුතා”

තාමත් නිලූෂ ගියපු පැත්ත බලන් හිටපු මන් ගැස්සිලා ගියේ අම්මගේ කටහඩින්.
දැන් අමුණපන්කෝ අම්මණ්ඩිට උත්තර.

” වෙන මොනා කරන්නද අම්මා නුරාදගේ කම්මුලක්‌ ඉඹගෙන ගියා යනකොට “

මන් අම්මට එහෙම කියද්දී ඒ ඇස් ඇකිලුනා.

” ඒකා මොකටැයි උබේ ළමයා ඉඹින්නේ. අපිටවත් නැති ඉහේ රුදාවක් නේ ඒකාට තියෙන්…. “

” නෑ අම්මේ ඒකාට තියෙන්නේ අම්මලාටවත් නැති දරු කැක්කුමක් “

එහෙම කිව්ව මන් පැටියත් එක්කලාම කාමරේට ගියේ අම්මගේ කෑ ගැහිල්ල කෙස් ගහක් තරම් වත් ගනන් නොගෙන.

” අපෝ ඔව් ඔව් පේනවා උගේ මට දොරේ ගලන් යන දරු කැක්කුම “

මන් කාමරේට එද්දී පැටියා අපේ අම්මට බය වෙලාද කොහෙදෝ අත් දෙකෙන්ම මාවත් බදන් ඉන්නේ මන් එයාව බිමින් තියයි කියලා වගේ.

අපරාදේ ඉස්සල්ලම මට මේ වලව්වෙන් ඈතකට යන්න තිබ්බේ මයෙ පැටියවත් අරන්. එහෙනම් පැටියට මේ වගේ එක එක කතා අහ ගන්න ඕනිත් නෑ නේ. මන් මගෙ පැටියවත් අරන් ඇදෙන් ටිකක් ඇලවෙලා පැටියාගේ ඔලුව අත ගෑවේ සින්දුවකුත් මුමුණ මුමුණ.

” මයෙ නුරාද පැටියට දැන් මේ අප්පච්චි විතරක් නෙවෙයි නුරාද අයියත් මයෙ රන් කදට නොසෑහෙන්න ආදරෙයි “

එහෙම කියලා මන් ඒ නළලට සිපුමක් තියෙලා ආයේ ඔලුව අල්ලන්න පටන් ගත්තේ ඒ ඇසුත් ලාවට ලාවට පියවීගෙන එද්දී.

” දෙනුවන් ටිකක් ඉන්න “

මන් එළියට යද්දි දෙනුවන් පේර කඩන්නද කොහෙදෝ පේර ගහට නගින්න හැදුවේ. ඒත් මන් කතා කරායින් පස්සේ කොල්ලා මේ පැත්ත බලලා ලොකු හිනාවක් දුන්නා.

” කොහේද ගියේ උදේන්ම නුරාදත් අරන්”

” ආ ඩිංගිරියලායේ ගෙදරට චූටි බාප්පි “

” ඉතින් කියලා යන්න තිබ්බනේ “

” මන් සීයා අප්පච්චි ට කියලා නේ ගියේ”

කකුල් දෙක ළගට වෙනකම් කඩන් හැලුනු එයාගේ සරම දණ හිය ළගට වෙනකම් උස්සලා ගැටයක් ගහන ගමන් මට‍ කියනවා සීයා අප්පච්චිට කියලලු ගියේ කියලා.

” දැන් එතකොට අර කමනි නැන්දගේ පුතා එක්කලා තියෙන හුටපටේ මොකක්ද ”

මන් එහෙම කියද්දී නම් කොල්ලා ගැස්සිලා වටපිටත් බැලුවා.

” අයියෝ චූටි බාප්පි මේ දැන දැනත් අහන්න එපා ඔහොම. මට දැන් දහ අටත් පැනලා මාස ගානක් වෙනවා”

” ඉතින් ඒ කියන්නේ උබැහේ දැන් ලොකුයි….. දීගයක් කරන්න පුළුවන් වයසක ඉන්නේ කියලාද උබ මට දැන් නොකිය කියන්නේ ආ…..”

මන් ටිකක් තද හඩින් කොල්ලගේ මූණට නැමිලා එහෙම කියද්දී මේ කොල්ලා පස්සට වෙලා ආයේ වටපිට බැලුවා.

” එහෙම නෙවෙයි මන් කියන්නේ.. ඇයි බාප්පිගේ ඒ හැටි මනාපයක් නැද්ද අපිට”

” කොල්ලෝ මනාපේ නෙවෙයි. උබලා ටිකක් දැනුම් තේරුම් වයසකට ආවට පස්සේ උබලා ඕනී තරම් ආදරේ කරහල්ලා. එතකම් හොදට ඉගෙන ගනින්. මන් කියන්නෑ ආදරේ කරන එක වැරැද්දක් කියලා. ඒත් පරිස්සමින්. හොදට මොළේ කල්පනා කරලා හරි වයස ආපුහාම හරිම කෙනා ඒ කියන්නේ ඔයාව තේරුම් ගන්න ඔයාව අහන් ඉන්න පුළුවන් ඔයාව දරාගෙන ඉන්න පුළුවන් ඔයාට ඔයාගෙම විදිහට ඉන්න පුළුවන් කෙනෙක් තෝර ගන්න. නොගැලපෙන සමහර තැන් ගළපලා සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් තෝර ගන්න. “

එහෙම කිව්ව මන් ලොකු හුස්මක් පාත දාලා ඔන්චිල්ලාවට ගිහිල්ල ඉද ගද්දි දෙනුවනුත් ළගට ඇවිල්ලා මයෙ ළගින්ම වාඩි වුනා.

” බාප්පි ඔයා නුරාදගේ අම්මට ආදරේ කරාද ”

එයා අහනවා නුරාදගේ අම්මට ආදරේ කරාද කියලා. ඒත් එක්කම මට මතක් වුනේ නුරාදගේ අම්මා වෙනුවට ලෝරාව. දැන් ඉන්න දෙව්මිගේ අම්මට වඩා කැම්පස් හිටිය කාලේ හිටපු ලෝරා සෑහෙන්න වෙනස්. මයෙ හිත ගත්තු එකම කෙල්ල. මට ඕනීමයි කියලා හිතුනු එකම කෙල්ල. දවසක් මයෙ අතින් එයා කිලිටි වෙච්ච ඒ දවස තාම මට මතකයි. මට‍ ඒත් එයත් එක්කලා ගොඩක් වෙලා ඉන්නවත් හම්බුන්නෑ දිනුල සීනියර්ලා මේ පැත්තට එනවා කියලා කිව්ව එකෙන් අපි දෙන්නා ලෝරවත් එතැනම දාලා දිව්වා. මන් ආපහු හොස්ටල් එකට යද්දි දිනුල මාත් එක්ක එන්නැතුව යාළුවෙක් හම්බෙන්න යන්න ඕනී කියලා වෙන පැත්තකට ගියෙ මන් ලෝරා ගැනම හිත හිත ඔහේ පාර දිගේ යද්දි . එදා ඉදන් මන් ආයේ ලෝරාව ඉස්සෙල්ලාම දැක්කේ අයියගේ වෙන්න මනාලි විදිහට අපි ඉස්සරහට ආපු දවසේ. මන් හිතපු විදිහට එයා මේ ගැන කාටවත්ම කියලා තිබ්බේ නෑ දන්න තරමින්.

” බාප්පි “

” ආ හරි පුතා මන් කල්පනාවකට වැටුනානේ. මන් මන් පස්සේ කතා කරන්නම්. ඔලුව ටිකක් රිදෙනවා වගේ බබා. ”

එහෙම කිව්ව මන් කාමරේට ඇවිල්ලා නුරාදත් තුරුල් කරන් ඇස් පියා ගත්තේ හිතේ වරදකාරී සිතුවිලි එකපිට එකපිට එද්දී.

මන් ඉබේටම වගේ නැගිටුනේ වොෂ් රූම් එකෙන් ආපු වතුර සද්දෙට. ලාම්පු එළියේ ලා දැල්ලෙන් මන් දැක්කෙම වොෂ් රූම් එක ඇතුළේ කවුරුහරිම ඉන්නවා. මේ පාන්දර දෙක කිට්ටු කරලා මොකාද මේ ඇතුළේ ඉන්නේ.

නිදා ගෙන ඉන්න පැටියා දිහාටත් බැල්මක් දාපු මන් හෙමින් සීරුවේ ලෙහිලා තිබ්බ සරමත් හොදට හරි ගස්සන් සීතල බිමට කකුල තිබ්බේ වොෂ් රූම් එක දිහාට යන්න හිතා ගෙන වුණත්…………..

වතුර සද්දේ එක පාරටම නැවතුනා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි හැමෝටම 🙏🙏

ගිහිල්ලා එන්නම් යාලූලා ❤️❤️🤗

වෝට් අදහස් වලට ගොඩාරියක් ස්තුතියි ❤️❤️🙏🙏

………………………………………………….

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාසයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාසයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාසයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාසයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාසයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාසයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 17